May 20, 2024

ලීසිං ආයතනයේ ඇතුළේ පුද්ගලයෙකු ගිනි තබාගනී (PHOTOS)

අම්පාර නරගයේ ඔරලෝසු කණුව ඉදිරිපිට පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතනයක් ඇතුළට අද (02) පෙරවරු 11.30ට පැමිණි පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන ඇති බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයාට අයත් වාහනයේ ණය වාරික ගෙවා ගැනීමට අපහසු බව පවසමින් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවත් අදාළ අනතුරින් පිළිස්සුම් තුවාල සිදු වු පුද්ගලයා අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 

එම පුද්ගලයා අත පෙට්‍රල් වැනි දෙයක් තිබූ බෝතලයක්ද තිබූ බවත් ඔහු එය ඇඟට හළා ගිනි අවුලුවා ගත්තේදැයි සැකයක් පවතින බවත් පොලිසිය පැවසී ය.

එම පුද්ගලයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශයෙක් පැවසීය.

අම්පාර - වසන්ත චන්ද්‍රපාල

Rate this item
(0 votes)