May 20, 2024

රාජ්‍ය බුද්ධි අංශයේ මුල් පුටුවේ වෙනසක්

රාජ්‍ය බුද්ධි අංශය සඳහා නව අධ්‍යක්ෂවරයකු පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ජී.නිලන්ත ජයවර්ධන මහතා පත් කර තිබේ.

මහජන සාමය, ආපදා කළමණාකරණ හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ  අමාත්‍යංශයේ අනුමැතිය යටතේ පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා විසින් මෙම පත් කිරිම සිදුකර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ජී.නිලන්ත ජයවර්ධන මහතා මීට පෙර කන්කසන්තුරේ කොට්ඨාශය බාර ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ලදී. 

Rate this item
(0 votes)