May 20, 2024

ෆුල්ෆේස් හෙල්මට් භාවිතය තහනම් - නීතිය මෙන්න 

යතුරු පැදිකරුවන්ට ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම මාර්තු 21 වැනිදා සිට තහනම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව සම්පුර්ණයෙන් ආවාරණය කරන ලද හිස් වැසුම් භාවිතය තහනම් කර තිබේ. 

මාර්තු 21 වන දින සිට අදාළ තහනම ක්‍රියාත්මක කරන බවත් එදිනට පසු කිසිදු අයෙකු සම්පුර්ණයෙන් ආවාරණය කරන ලද යතුරු පැදි හිස් වැසුම් භාවිතා කළහොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව එම වරද කරන අයෙකුට රුපියල් 1000ක දඩයක් ද, එම වරද දෙවැනි වරට සිදු කළහොත් රුපියල් 2000ක්ද, තුන්වැනි වතාවත් එම වරද සිදුකළහොත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් 3500ක දඩ මුදලක් ගෙවීමට සිදු වන බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)