May 20, 2024

හම්බන්තොටට කුඩු විකුණූ ජාවාරම්කරු පොලිසීයට කොටු

තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය විශේෂ වැටලිම් ඒකකයේ නිලධාරීන් විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා මෙතෙක් කුඩු බෙදාහරින ලද බව කියන පුද්ගලයෙකු අද (02) අලුයම සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. 

තංගල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බව වාර්තා වේ.  

අදාළ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ග්රැම් 25යි ග්රැම් 400ක් ළඟ තිබී පොලිස්  බාරයට ගෙන ඇත.

අදාළ සැකකරු අද (02)  තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

ඡායාරූප - අද

Rate this item
(0 votes)