May 20, 2024

පොලීසියට බිත්තර ගැසූ හයක් කොටුවෙයි

පොලිස් නිලධාරීන්ට බිත්තර ප‍්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මහියංගණය - පදියතලාව මාර්ගයේ වේවත්ත හන්දියේ දී පැවති උද්ඝෝෂණයකදී මෙළෙස පොලිස් නිලධාරීන්ට බිත්තර ප්‍රහාර එල්ල කර තිබේ.
 
ප‍්‍රදේශයේ මාර්ගයක් නිසි ප‍්‍රමිතියකින් තොරව ඉදිකරන බවට පවසමින් ඊට විරෝධය පා පසුගිය 25 වැනිදා ප‍්‍රදේශවාසීන් උද්ඝෝෂනයක නිරතවිය.
 
පසුව එය පාලනය කිරිම සඳහා මහියංගණය පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි අතර එහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මහියංගණය පොලීසිය පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන මහියංගණය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Rate this item
(0 votes)