May 20, 2024

කොළඹ දුරගමන් ගමන් බස් රථ සේවකයින් වර්ජනයක 

පානදුර බස් නැවතුම්‍පොළෙන් පිටත් වන පෞද්ගලික බස් රථ සේවකයින් හා කොළඹ බැස්ටියන් මාවතෙන් පිටත්වන පෞද්ගලික දුරගමන් සේවා බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ. 

එසේම හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික බස්රථද වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව පිටකොටුව - බැස්ටියන් මාවත පෞද්ගලික බස් රථ නැවතුම්පොලෙන් ගමන් ආරම්භ කරන දුරගමන් බස් සේවා ඊයේ (01) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. 

ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බව දේශමාමක බස් රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ ජාතික සංවිධානය ප‍වසයි. 

 

 

 

Rate this item
(0 votes)