May 20, 2024

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ව්‍යුහයේ වෙනසක් 

රාජ්‍ය සේවකයින් සඳහා නව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යංශය සමග ඒකාබද්ධව එම කටයුතු සිදුවන බවත් විටින් විට සිදුවු වැටුප් වැඩිවීම් හා චක්‍රලේඛ හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ විවිධ ශ්‍රේණි අතර නිර්මාණය වී ඇති වැටුප් විෂමතා ඉවත් කිරීම මින් අපේක්ෂිත බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා පැවසී ය. 

මෙම ක්‍රමය හරහා වැටුප් වර්ධක සමානව සෑම රාජ්‍ය සේවකයෙකුට ම හිමිවන රෙගුලාසි ගෙන ඒමට ද සැලසුම් කර ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

ලබන මස අවසන් වීමට පෙර මෙම කටයුතු නිම කරන බවත් නව වැටුප් ව්‍යවුහය සකස් කිරීමේදි වෘත්තිය සමිතිවල අදහස් ලබා ගැනීමට ද නියමිත බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)