May 20, 2024

කටුණායකින් අධි තාක්ෂණික චන්ද්‍රිකා උපකරණ තොගයක් අල්ලයි

කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා රට තුළට රැගෙන ඒමට උත්සහ කළ අධි තාක්ෂණික චන්ද්‍රිකා උපකරණ තොගයක් රේගුව විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත්හ.

වරකාපොළ ප්‍රදේශයේ පිරිසක් දඹදිව වන්දනා චාරිකාවක නිරතව යළි දිවයිනට පැමිණේමේදී මෙම උපකරණ තොගය රහසිගතව ගෙනවිත් තිබේ.

ඒ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 122 ගුවන් යානයෙන්.

සොයා ගත් උපකරණ අතර සැටලයිට් රිසීවර්ස් 335 ක් සහ රිමෝට් කොන්ට්‍රෝල් 81 තිබී ඇත. ඒවා වල වටිනාකම රුපියල් ලක්ෂ 14 කට ආසන්න බවයි රේගු නිලධාරීන් පවසා ඇත්තේ.

ටී.කේ.ජී කපිල - කටුණායක

 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 March 2015 20:28