May 20, 2024

නිදහස් පක්ෂය විනාශ කරන්න මට අවශ්‍ය නැහැ - අගමැති

නිදහස් පක්ෂයේ සිටින දූෂිත මන්ත‍්‍රීවරු ආරක්ෂා කිරීමෙන් වළකින්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කළේය.

අග‍්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ නුවරඑළිය නගර ශාලාවේ අද (01) පැවැති එක්සත් ජාතික පක්ෂ කි‍්‍රයාකාරීන්ගේ හමුවකට එක්වෙමින්.

නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් අපේ‍්‍රල් මාසයේදී මහමැතිවරණයකට යාමට කැමැත්තෙන් පසුවන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය. නිදහස් පක්ෂය විනාශ කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කළේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 March 2015 20:14