May 20, 2024

විටින් විට වැඩි වූ වැටුප් නිසා ඇති වූ විෂමතා ඉවත් කරන්න යයි

විටින් විට සිදුවු වැටුප් වැඩිවීම් හා චක්‍රලේඛ හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ විවිධ ශ්‍රේණි අතර නිර්මාණය වී ඇති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව රාජ්‍ය සේවකයින් සඳහා නව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමටයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය සමග ඒකාබද්ධව තීරණය කර ඇත්තේ.

මෙම ක්‍රමය හරහා වැටුප් වර්ධක සමානව සෑම රාජ්‍ය සේවකයෙකුටම හිමිවන රෙගුලාසි ගෙන ඒමට ද සැලසුම් කර ඇති බවද සඳහන්.

ලබන මස අවසන් වීමට පෙර මෙම කටයුතු නිම කිරීමටද නියමියි. නව වැටුප් ව්‍යවුහය සකස් කිරීමේදි වෘත්තීය සමිතිවල අදහස් ලබා ගැනීමට ද තීරණය වී ඇත.

Rate this item
(0 votes)