May 20, 2024

අරක්කු පෙරන්න ජනපතිගෙන් අවසර ඉල්ලයි (VIDEO)

“ජනපතිතුමනි ඔබ තුමාගේ බලයෙන් මට අරක්කු ටිකක් පෙරා විකුණ ගන්න අවසර දෙන්න” යනුවෙන් සඳහන් පුවරුවක් රැගෙන පොළොන්නරුව මින්නේරිය බස් නැවතුම්පළේ වහලය මත නැග පුද්ගලයෙකු විරෝධතාවයක් දියත් කර තිබේ.

අද පෙරවරුවේ සිට මෙම පුද්ගලයා මෙලෙස විරෝධතාවයේ නිරතව සිටින අතර එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ මොහු වයස අවුරුදු 45 ක පමණ මින්නේරියේ පදිංචි විවාහකයෙකු බවය.

මීට පෙර ඔහු හමුදා සේවයේ සිට ඇති අතර එහිදී බෝම්බ දෙකක් විකිණීමට උත්සහ කර හමුදා සේවයෙන් ඉවත් කර ඇති බවද සඳහන්.

කෙසේවෙතත් මෙම පුද්ගලයා සඳහන් කරන්නේ “මට පොලිසිය හිරිහැර කරනවා. ජනපතිතුමනි මට කුඹුරක් දෙන්න..නැතිනම් මගේ රැකියාව දෙන්න..බැරිනම් මට ඔබතුමාගේ බලයෙන් අරක්කු ටිකක් පෙරා විකුණ ගන්න අවසර දෙන්න.”යනුවෙනි.

වීඩියෝව පහළින් නරඹන්න...

සමීර - පොළොන්නරුව

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 March 2015 14:57