May 20, 2024

දින 100 අවුල් කරන ආණ්ඩුවේම පිරිසක් ඉන්නවා

ජනවාරි 08 වැනි දා ජනතා ජනවරම හිමි වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රතිපත්ති ප්‍රකාශනයට මිස දැන් ඇති කරගෙන තිබෙන පාලනයට නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

ජාතික විධායක සභාවේ පවා අනුමැතිය හිමි වී ඇති රටට වැදගත් පනත් කිහිපයක් වන තොරතුරු දැනගැනීමේ පනත, අලුත් අධිකරණ පනත, පක්ෂය මාරු කිරීමේදී මන්ත්‍රී ධූරය අහෝසි වන පනත, ද්විත්ව පුරවැසිභාවය හිමි අයට මැතිවරණයට ඉදිරිපත් වීමේ සීමා ඇති කෙරෙන පනත සහ විධායක ජනපති බලතල අඩු කිරීමේ ව්‍යවස්තා සංශෝධනය කිරීමේ වැඩපිළිවෙල ජාතික ආණ්ඩු සංකල්පය පසෙක තබා දින 100 තුළ ඉටු කිරීමට පියවර ගත යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ප්‍රශ්නයක්ව පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ විධායක ජනපති බලතල අහෝසි කිරීම එකවර සිදු විය යුතුය යන්නට පිළිතුරු දෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ පවතින ඡන්ද ක්‍රමයේ මනාප පොරයට සහ අනෙකුත් ගැටළුවලට ජවිපෙ සාර්ථකව මුහුණ දී සිටින බවත් අවශ්‍යනම් ඒ පිළිබඳව ජවිපෙන් ඉගෙන ගත හැකි බවත්ය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සමහර නායකයින් ජනතා විශ්වාසය තැබූ මෙම දින 100 අවුල් කිරීමට විවිධ උත්සහයන් ගනිමින් සිටින බවත් පැවැසීය.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 March 2015 14:06