May 21, 2024

ඉන්දීය ධීවරයින් පිරිසක් මෙරට මුහුදු සීමාවේදීම යාපනය ධීවරයින්ට පහර දීලා

යාපනය කට්ටෙයිකාඩු මුහුදු තීරයේදී යාපනයේ ධීවරයන් පිරිසකට ඉන්දීය ධීවරයන් පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් යාපනයේ ධීවරයන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

කට්ටෙයිකාඩු මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කාර්යයේ යෙදී සිටි යාපනයේ ධීවරයන් පිරිසකට මෙසේ ඉන්දියාවේ සිට පැමිණි ධීවරයන් විශාල පිරිසක් විසින් එකවර පහරදී තිබේ.

එසේ පහරදුන් බව කියන ඉන්දීය ධීවරයන් 43 දෙනෙකු ඊයේ (28දා) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බවට යාපනය දිස්ත්‍රික් ධීවර පරීක්‍ෂක කාර්යාලය සඳහන් කරයි.

අනතුරුව පේදුරුතුඩුව පොලීසිය එම ඉන්දීය ධීවරයන් 43 දෙනා පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර, ඔවුන් මේ මස 13 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට පේදුරුතුඩුව අධිකරණය නියෝග කර තිබේ.

 

Rate this item
(0 votes)