May 21, 2024

“ඔබ හැර වෙනත් රජෙක් නොපෙනේ”- රට පුරා දියත් වේ

ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හා පොදුජන එක්සත් පෙරමුණේ අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා විය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවට අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහන දීප ව්‍යාප්තව සිදු කෙරේ.

එහි නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වැඩසටහන පසුගියදා ගිනිගත්හේන නගරයෙන් ආරම්භ විය. අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රී හෙළප‍්‍රිය නන්දරාජ මහතා විසින් සංවිධානය කළ මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන නුවරඑළිය දිස්ත‍්‍රික්කය පුරා අත්සන් ලබාගැනීමට කටයුතු කළේය.

මෙහිදී අදහස් දැක්වූ හෙළප‍්‍රිය නන්දරාජ මහතා පැවසූවේ හිටපු ජනාධිපතිවරයාට නැවත දේශපාලනයට පැමිණීමට ඉඩ ලබාදිය යුතු බවත් හංසයා ලකුණට ඡන්දය භාවිතා කළ බොහෝ දෙනෙකු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්රොක් වන බවය.

පැවති ජනාධිපති මැතිවරණයෙන් පන් ලක්ෂ පනස්දහසකට අධික නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් මහින්ද රාජපක්ෂ මහතාට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න ප‍්‍රමාණයකි. සමස්ත වතුකරයේම ජනතාව වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිනවීම සඳහා හංසයා ලකුණට ඡන්දය ලබාදී තිබුණි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)