May 21, 2024

යුද්ධයට අදාළ දේශීය යාන්ත්‍රනයට UN නියෝජිතයා කැමැතියි

දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ දේශපාලන නියෝජිත, සංවර්ධන කටයුතු පිළිබඳ මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පැවැත් වූ අතර ඒ අනුව මෙරට තුළ මෙරට නීතියට අනුව මෙරට විනිසුරුවරුන් විසින් යුද්ධයට අදාළ කරුණු විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇති කැමැත්ත එම සාකච්ඡාවලදී අනාවරණය වු බව  විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කර ඇත්තේ ඒ සඳහා විශ්වසනීය දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසීමට බව ද ජෙෆ්රි ෆෙල්ට්මන්ට් ප්‍රකාශ කර තිබේ.

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ෆෙල්ට්මන්ට් මහතා ඊයේ(28)  වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සමග ද සාකච්ඡාවල නිරත විය.

ඔහුගේ සංචාරය තුළ දී රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව විවිධ මට්ටමේ සිවිල් නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.

Rate this item
(0 votes)