May 21, 2024

කොළඹ සංවර්ධනයේදී ජනතාවගේ මානව අයිතීන් උල්ලංගනය වෙලා

මින් ඉදිරියට දිවයිනේ අගනුවර හා සෙසු නගරවල නාගරික සංවර්ධන කි‍්‍රයාවලිය සිදු කිරීමේදී ජනතාවට පීඩනයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත.

නාගරික සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීමේදී කොළඹ අඩු පහසුකම් සහිත නිවාසලාභීන් හට නිවාස ලබාදීමේදී සිදු ව ඇති අක‍්‍රමිකතා පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරිණ.

කොළඹ නගරය භෞතික වශයෙන් සංවර්ධනය කිරීමට උත්සාහ දරා තිබුණත් එහි ස්ථිර පදිංචිකරුවන්ගේ මානව අයිතිය පවා උල්ලංඝනය වන අයුරින් නීතිවිරෝධී ලෙස ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් කර බලහත්කාරයෙන් මෙම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කොට ඇති බව මෙහිදී සඳහන් කෙරිණි.

 

Rate this item
(0 votes)