May 21, 2024

අපරාධවලට සම්බන්ධ තල්මසෙක් ලඟදීම - නි.ඇමති රංජන්

අපරාධවලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙක් ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි.

රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙම අදහස් දක්වා ඇත.

එහිදී හෙතෙම පවසා ඇත්තේ "බයවෙන්න එපා. ළඟදීම තල්මසෙක් අල්ලවා. තල්මසෙක් නෙමෙයි තල්මස්සු ගොඩක් අල්ලනවා." යැයි ඔහු පැවැසිය.

පැවති රජය සමයේ වංචා සහ දූෂණවලට සම්බන්ධ ප්‍රබලයින් නීතිය ඉදිරියට ගෙන එන බව නව රජය පැවසුවද තෝරු මෝරු සිටියදී හාල් මැස්සන් අල්ලන බවට නව රජයට චෝදනා එල්ල වී තිබේ.

Rate this item
(0 votes)