May 21, 2024

වතු ගැටලුත් දින 100 න් විසඳේ - පී දිගම්බරම්

වතු කම්කරුවන්ගේ මෙන්ම වතු අධිකාරීවරුන්ගේ ගැටලු සඳහා දින 100 න් විසඳුම් ලබාදෙන බව වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය  පී. දිගම්බරම් මහතා පැවසීය.

නුවරඑළිය, ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශාලාවේ පැවති  දින 100 යේ වැඩපිළිවෙළ පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු අධිකාරීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් අමත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එමෙන්ම වතු අධිකාරීවරුන්ට, කිසිවකුගේ බලපෑමකින් තොරව සිය රාජකාරී කටයුතු ස්වාධීනව කරගෙන යාමට අවස්ථාව දැන් ලැබී ඇති බවද පී.දිගම්බරම් අමාත්‍යවරයා පැවසීය.

මේ අතර අමු තේ දළු කිලෝවකට රුපියල් 80 ක සහතික මිලක් ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා
පවසා ඇත.

එමෙන්ම ප්‍රමිතියෙන් යුතු පොහොර සහන මිලට ලබා දීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)