May 21, 2024

නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය ජනතාව දිනවීමටයි

February 28, 2015

පුද්ගලයෙකු හෝ පක්ෂයක් දිනවීමට නොව ජනතාව දිනවීම අරමුණු කර ගනිමින් කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

පක්ෂ කි‍්‍රයාකාරී හමුවකට බදුල්ල පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී අද (28) එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

පක්ෂ, පුද්ගලයන් වශයෙන් නොව ජනතාව ගැන සිතා සියලූ දෙනාගේ සහභාගීත්වයෙන් යුතු පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු බව අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඔහු කියා සිටියේ ඒ සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගේ සහය අත්‍යවශ්‍ය වන බවය.

Rate this item
(0 votes)