May 21, 2024

ඇමති ජෝන් හොරු අල්ලන්න බෑ කියයි

February 28, 2015

බදුල්ල ඇල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් විවෘත කිරීමට අද (28) එක්වෙමින් මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දූෂිතයින් හා වංචනිකයින් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කළ යුතු බව පැවසීය.

එහිදී හෙතෙම වැඩි දුරටත් පැවසූවේ “ඇමතිවරයා හැටියට මම ඉන්නේ හොරු අල්ලන්න නෙ‍වෙයි. එහෙම නැත්තන් වැරදි කරපු මිනිස්සු අල්ලන්න නෙ‍වෙයි. ඒවා භාර පොලිස් නිලධාරීන්ට.සමහර දේශපාලනඥයෝ හිතනවා මම තමයි ඒවා අල්ලන්න ඕනේ කියලා.

මම එහෙම කරන්නේ නෑ.ඒක මං භාරදීලා තියෙනවා මේ පොලීසියේ උසස් නිලධාරීන්ට. මම යෝජනා කෙරුවා පුලුවන් නම් එල්ලුම් ගහත් ආපහු ගෙන්න කියලා. මට තමුන්නාන්සේලා චෝදනා කරන්නත් පුළුවන් මේ මිනිහා මීනී මරන්නයි හදන්නේ කියලා. එහෙම නෙවෙයි මේ..  අපිට උවමනා කරන්නේ මේ තියෙන මැර වතාරවරණය සංස්කෘතිය මේ රටින් තුරන් කරන්න”.යනුවෙනි.

Rate this item
(0 votes)