May 21, 2024

මාතරට දේශපාලනඥයෙක් නැහැ - ලක්ෂ්මන් යාපා

February 28, 2015

මාතර, මාකඳුර ජාතික පා‍සලේ නිවාසන්තර ක්‍රීඩා උත්සවයට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාතර නගරයට අද දේශපාලනඥයෙකු නොමැති බව පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ “පෙරේදා මාතර නගරයේ ඇවිදිනකොට මාතර නගරයේ එක විද්‍යාලයක පංති කාමර හතරක් හදාගන්න බැරුව දෙමාපියෝ දරුවොත් එක්ක ප්‍රධාන පාර සම්පුර්ණයෙන් වහලා ප්‍රධාන පාරේ වාඩිවෙලා ඉන්නවා දැක්කා. මම නවත්තලා ඇහුවා ඇයි කියලා. පංති කාමර හතරක බිත්ති බැදගන්න බැරුව කියලා කිව්වා. එතකොට ඔබතුමන්ලට පේනවා ඇති අද මාතර නගරයේ දේශපාලනඥයෙක් නැති වෙලා තියෙනවයි කියලා”. යනුවෙනි.

 

Rate this item
(0 votes)