May 21, 2024

නගර සභා සභාපතිගෙ පුතා නිසා තැබෑරුමක් පාඩු ලබයි

February 28, 2015

බලංගොඩ නගර මධ්‍යයේ පිහිටි බලංගොඩ නගර සභාව මගින් පාලනය වන තානායම සහ එහි තැබෑරුම රුපියල් ලක්ෂ 05 කට අධික පාඩුවක් පසුගිය දෙසැම්බර් මාසයේදී ලබා ඇති බව මාසික සභා රැස්වීමේදී අනාවරණ වී ඇත.

මේ පිළිබඳව තානායමේ සහ තැබෑරුමේ කළමනාකරු කැඳවා සිදුකළ විමසීමකදී හෙළි වී ඇති අතර තැබෑරුමේ පාඩුව පමණක් රුපියල් දෙලක්ෂ 65,593ක් බවත් එහිදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලංගොඩ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත‍්‍රී චමික වැවේගෙදර මහහා  කරුණු අනාවරණය කර ඇත.

බලංගොඩ නගර සභාවේ සභාපතිවරයාගේ පුත‍්‍රයා විසින් කළමනාකාරීත්වය දරණ මෙම තානායමේ සහ තැබෑරුමේ අක‍්‍රමිකතා රැසක් සිදුව ඇති බවයි එහිදී හෙළි වී ඇත්තේ.

Rate this item
(0 votes)