May 21, 2024

අගමැති සිහිනය පෙන්වා පක්ෂය දෙකඩ කරන්න හදනවා - විපක්ෂ නායක

February 28, 2015

විධායක ජනාධිපති ධුරයේ බලතල සහ මැතිවරණ ක‍්‍රමය යන දෙකම එකවර සංශෝධනය වීම මෙරට ජනතාව අපේක්ෂා කරන අතර එම නිසා තමාගේ මතයද එය බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පෙන්වා දෙයි.

එසේම මනාප ක‍්‍රමය ඉවත් කර ආසන මට්ටමින් මැතිවරණ පැවැත්වීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව බවත්, විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අකමැත්තක් නොමැති බවත් අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.

එසේම  අගමැති ධූරය පටලවාගෙන නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ උත්සහයක ඇතැම් පුද්ගලයින් නිරත වී සිටින බවත් තමා කරනු ලබන්නේ පක්ෂය වෙනුවෙන් දර දිය අඳින එක බවත් අගමැති සිහිනය සියලු දෙනාගේ සිත් වලින් ඉවත් කළ යුතු බවත් විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා එම අවස්ථාවේදී  වැඩිදුරටත් සඳහන් කළේය.

 

Rate this item
(0 votes)