May 20, 2024

රහස් පොලිසියට ‘නාගහමුල්ල’පත් කෙරේ

February 28, 2015

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  බී.ආර්.එස්.ආර් නාගහමුල්ල මහතා පත් කර ඇත.

එහි අධ්‍යක්ෂ ලෙස දැනට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර් රණවීර මහතා පරීක්ෂණ හා පුණරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස මාරු කර තිබේ.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එස් පතිනායක මහතා ගොඩනැගිලි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත වීරසූරිය මහතා සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් මාරු කර තිබේ.

පසුගිය රජය සමයේ සිදු වූ පරීක්ෂණ කල් යෑම හේතුවෙන් බොහෝ දෙනෙකුගේ චෝදනා රහස් පොලිසිය වෙත එල්ල විය. රතුපස්වල සිද්ධියට අදාළ පරීක්ෂණද යළි ඇරඹීමේදී ගම්වාසීන් ඉල්ලා තිබුණේ වැලිවේරියේ වෙඩි තැබීමට අදාළ රහස් පොලිස් පරීක්ෂණ සිදු කිරීමේදී පෙර පරීක්ෂණ බාරව සිටි රණවීර මහතා ඉවත් කර සිදු කරන ලෙසය.

Rate this item
(0 votes)