May 20, 2024

පොකිරිස්සන් තොගයක් රේගුවෙන් අල්ලයි

February 28, 2015

රුපියල් 17 ත් ලක්ෂයක් වටිනා  ශීත කළ පොකිරිස්සන් තොගයක් අපනයනය  කිරීමට උත්සහ කළ මත්ස්‍ය  අපනයන සමාගමක‍ට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එහි  වටිනාකමට සමාන මුදලක්ද රේගුවට ගෙවා එමපොකිරිස්සන් තොගය ආපසු රැගෙන යන ලෙස අදාල සමාගමට නියෝග කළේය.

පොකිරිස්සන් තොගයේ බර කිලෝග්‍රෑම් 737කි. පෙට්ටි 37ක අසුරා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 105 දරණ ගුවන් යානයෙන් මාලේ බලා ගෙන යාමට ‍එම පොකිරිස්සන්  ක‍ටුනායක ගුවන් භාණ්ඩ ගම්මානයට ගෙනවිත් ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ධීවර ආඥා පනතින් පෙබරවාරි මාසයේ  පොකිරිස්සන් අපනයනය කිරීම තහනම් කර ඇති බවයි.පොකිරිස්සන්ගේ ප්‍රජනන කාලය පෙබරවාරි මාසය ලෙසද සැලකේ.

 

 

Rate this item
(0 votes)