May 20, 2024

අරලියගහ මැදුරේ මල් පෝච්චි ඉවතට

February 28, 2015

කොළඹ කොල්ලුපිටිය අරලියගහ මැදුර ඉදිරිපිට යකඩ ආධාරක මත තබා තිබූ කුඩා මල් පෝච්චි අද (28) පෙරවරුවේ ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඉකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමගාමීව මෙම මල් පෝච්චි වැට සකස් කිරීම එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු විය.

සැරසිල්ලක් ලෙස තබා තිබූ මෙම මල් පෝච්චි 45000 ක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය වෙත ලබා දෙන බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පවසා ඇත.

එම මල් පැල නඩත්තුවට මසකට ලක්ෂ ගණනක් මහජන මුදලින් වියදම් කිරීම සිදුවන හෙයින් මෙම පියවර ගත් බවද සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 February 2015 15:02