May 20, 2024

සංගාගේ දේශපාලන ගමන පිළිබඳ තවම තීරණයක් නෑ

February 28, 2015

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂයේ අපේක්ෂකයෙකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඉදිරිපත් කිරීම පිලිබඳ කිසිදු තීරණයක් මේ වන තෙක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂයේ ඉහල පෙළ ප්‍රකාශකයෙක් ඒෂියන් මිරර් වෙත පවසා සිටියේ ය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ඉදිරි මහමැතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් කුමාර් සංගක්කාර ඉදිරිපත් කිරීමේ යෝජනාව ගෙන විත් ඇත්තේ තුෂාර වන්නිආරච්චි නම් වූ පක්ෂයේ ප්‍රබල ආධාර කරුවෙකු විසිනි. ඔහු පසුගිය ජනපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට විශාල ලෙස සහයෝගය දක්වා ඇති බව පැවසේ.

එමෙන්ම ජ්‍යෙශ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු අප හා පවසා සිටියේ ඊයේ දින පැවැත්වූ පක්ෂ සාකච්ජාවේදී ජුනි මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණය උදෙසා ජනප්‍රිය මුහුණු කිහිපයක් එජාපය වෙනුවෙන් තරඟ බිමට යැවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 February 2015 13:16