May 20, 2024

ශ්‍රීලංකාව චීන ආයෝජනවලට ආරක්‍ෂිත භූමියක් - මංගල සමරවීර 

February 28, 2015

ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ම චීන ආයෝජන සඳහා විවෘත බවත් ශ්‍රීලංකාව චීන ආයෝජනවලට ආරක්‍ෂිත භූමියක් වන බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

චීනයේ දෙදින සංචාරයක නිරත වෙමින් සිටින ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා ‘බේජින්’ අගනුවර දී එම ප්‍රකාශය කළේ චීන අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා හමුව පවත්වන ලද ද්විපාර්ශ්වීය සාකච්ඡා වලින් අනතුරුවයි.

වරාය නගරය පිලිබඳ කාරණය තමා විසින් චීන බලධාරීන් සමඟ කෙලින් ම සාකච්ඡාවට නොගත් අතර, ශ්‍රී ලංකා ආණ්ඩුව සැලකිල්ලට ගනු ලබන්නේ චීන ව්‍යාපෘතීන් පිළිබඳව පමණක් නොවන බව එම සාකච්ඡා පිළිබඳව මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසී ය.

‘ශ්‍රී ලංකාව චීනයත් සමඟ සාකච්ඡා කරන තෙක් කිසිදු චීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නේ නැහැ. චීන ආයෝජන සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ලැබීමට පෙර ශ්‍රී ලංකාව චීනයත් සමඟ සාකච්ඡා කර අදහස් හුවමාරු කර ගන්නවා’ හෙතෙම සඳහන් කළේය.

අනාගතයේ දී සියලු යෝජනා සහමුලින්ම යෝග්‍යතාව අනුව සැලකිල්ලට ගනු ලබන බවද මංගල සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී චීන විදේශ ඇමති වැන්ග් යි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ යහපත් හවුල් කරුවකු මට්ටමින් දිගටම කටයුතු කිරීමට චීනය මනාප බවයි.

(බීබීසි)

 

Rate this item
(0 votes)