May 20, 2024

ජාතික ආණ්ඩුව ගැන නිදහස් පක්ෂයේ අකමැත්තක්!

February 28, 2015

ජාතික ආණ්ඩුවකට යාමට නිදහස් පක්ෂයේ වැඩි දෙනාගේ කැමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

ජාතික ආණ්ඩුව පිළිබද පසුගිය 26 වැනිදා පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා නොකළ බවත් ජාතික ආණ්ඩුවකට නිදහස් පක්ෂය සහය දීම ගැන ජනතාවගෙන් අකමැත්තක් මතුවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ජාතික ආණ්ඩුව පිළිබද එජාප නායක, අගැමති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා නොකල බවත් නමුත් 9 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් හෙතෙම සඳහන් කළේය.

පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ 19 වන සංශෝධනය පිළිබඳව බවත් ඒ සඳහා පක්ෂයේ ස්ථාවරය සතියකින් ප්‍රකාශයට පත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයට එකඟ නොවන්නේ නම් මහ මැතිවරණයට යන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සම්පාදන කමිටුවට දැනුම් දී ඇති බවද වාර්තා විය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමද ඇතුළත් කොට ඉදිරිපත් කරන ලෙස  විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා දැනුම්  දුන් අවස්ථාවේදීය. 19 වන සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරයේ බලතල  පමණක් නොව මැතිවරණ  ක්‍රමයද සංශෝධනය කරන වගන්ති ඇතුළත් කරන ලෙස විපක්ෂ නායකවරයා පවසා ඇති අතර එහිදී අගමැතිවරයා එම ඉල්ලීමට එකඟ නොවන බව ප්‍රකාශ කර ඇත. 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 February 2015 09:18