May 20, 2024

UN නියෝජිතයා ලංකාවට ඇතුළු වෙයි

February 28, 2015

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ ඉහළ දේශපාලන නිලධාරියෙකු වන ජෙෆ්රි ෆෙල්ට්මන් (Jeffrey Feltman) මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියහ.

ඒ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 දරණ ගුවන් යානයෙන් බවයි එහි සිටින අප වාර්තාකරු පැවසූවේ.

ජෙෆ්රි ෆෙල්ට්මන් මහතාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයද මෙය වන අතර ඔහු මෙරට දේශපාලන සහ දේශපාලන නොවන නායකයන් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බෑන් කී මූන් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් (Stephane Dujarric) මහතා මීට පෙර පැවසීය.


ඒ අනුව මෙම සංචාරයේ දී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ටී.කේ.ජී කපිල - කටුණායක

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 February 2015 08:44