May 20, 2024

ඩෙංගු රෝගීන් සියයට 60කින් වැඩිවෙයි 

February 28, 2015

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මේ වසර තුළදී ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.

පසුගිය වසරේ දී රෝගීන් 47,258ක් වාර්තා වූ අතර එය මේ වසරේ දී සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

ගත වූ මාස කීපය තුළ රෝගීන් 8,600ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 60ක වැඩිවීමක් බවද අධ්‍යක්ෂවරයා පැවසී ය.

පසුගිය නොවැම්බර් මාසයේ සිට සෑම මාසයකම ඩෙංගු රෝගීන් 5000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බවද මෙය ඉතා අයහපත් තත්ත්වයක් බවද ඔහු වැඩිදුරටත් පැවසී ය. 

දිස්ත්‍රික්ක 9ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 25ක් මේවන විට අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

Rate this item
(0 votes)