May 20, 2024

කොළඹ දකුණ වරායේ ශ‍්‍රී ලංකා ජාතික කොඩියට එසවීමට ඉඩ නෑ - උදේනි කළුතන්ත‍්‍රි 

කොළඹ දකුණ වරායේ පිහිටි සිය කාර්යාලයේ නිදහස් දිනය දා ජාතික ධජය එසවීමට එම ව්‍යාපෘතිය භාර චීන සමාගමේ නිලධාරීන් ඉඩ නොදුන් බව එක්සත් ලංකා බහාලූම්, මෙහෙයුම් කි‍්‍රයාකාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ දකුණ වරාය, චීන වරාය ලෙස ද වර්තමානයේ හදුන්වන බවත් එහි පළමු අදියර විවෘත කෙරුණු දින ද ජාතික ධජය එසවීමට ඉඩක් ලබා නොදුන් බවත් එක්සත් ලංකා බහාලූම්, මෙහෙයුම් කි‍්‍රයාකාරීන්ගේ සංගමයේ  සභාපති උදේනි කළුතන්ත‍්‍රි මහතා පැවසී ය.

එහි සභාපතිවරයා මෙන්ම එක්සත් ලංකා බහාලූම් ප‍්‍රවාහන හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ද වන කඩුවෙල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත‍්‍රී උදේනි කළුතන්ත‍්‍රි මහතා මේ බව පැවසූවේ කොළඹ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

 

Rate this item
(0 votes)