May 20, 2024

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු 06 දක්වා

February 28, 2015

2014 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය 23 වැනිදා ආරම්භ කළ අතර මාර්තු 06 වැනි දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහිදී මාර්තු 01 වැනි දා සහ 05 වැනි දා දෙදින මෙම පරීක්ෂණ නොපැවැත් වේ.

මෙවර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් 154,064 දෙනෙකු සුදුසුකම් ලබා සිටින අතර ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල 1,171ක් පත් කර තිබෙන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)