May 10, 2024

ජනාධිපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවට ගිය හැටි මැ.කො හෙළි කරයි (VIDEO)

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපතිවරයාට වාසිසහගත අයුරින් රාජ්‍ය මාධ්‍ය මෙහෙයවීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 26 වැනිදා පැවති සම්මන්ත්‍රණයකදී ය.

මැතිවරණයක් සමයේදී සියලු රාජ්‍ය මාධ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට යටත් බවට නඩු තීන්දුවකින් තහවුරු කර ඇති බවත් එම නඩු තීන්දුව පසුගිය ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපයේදී තමන් අතට පත්වූ බවත් ඔහු සඳහන් කළේ ය.

එම නඩු තීන්දුව තමන්ගේ අතට පත් වීමෙන් පසු තමන් රූපවාහිනී සංස්ථාවට කෙලින් ම ගොස් සිය බලය පාවිච්චි කළ බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසී ය. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 February 2015 00:19