May 10, 2024

ආරක්ෂක ලේකම්වරයා සඳහිරු සෑයේ නිරීක්ෂණ චාරිකාවක 

February 27, 2015

ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා අද (27) ජීවිත පූජාවෙන් සිය මාතෘ භූමිය රුදුරු ත්‍රස්තවාදයෙන් බේරාගන්නා ලද රණ විරුවන්ට කෘතගුණ සැලකීම පිණිස අනුරාධපුරයේ ඉදිකරනු ලබන සඳහිරු සෑ පූජා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී මෙම පූජා භූමිය භාරව කටයුතු කරන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් මොහාන් කුමාර මහතා විසින් මෙම චෛත්‍යයේ මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු පිළිබඳ ව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන ලදී. 

මෙම ඉදිකිරීම්වල ඉදිරි කටයුතු පිළිබඳ ව අදාළ නිලධාරීන් හා ආරක්ෂක ලේකම්වරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණ අතර එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කිරීමට ප්‍රථම ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගොස් මල් පහන් හා පිරිකර පූජා කර සිය ඉදිරි කටයුතු සඳහා උන් වහන්සේගේ ආශීර්වාදය ලබා ගැනීම ද සිදු කළහ.

Rate this item
(0 votes)