May 10, 2024

කුමාර් ගුණරත්නම් ඉල්ලු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කරයි

February 27, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් මහතාට මෙරට පුරවැසිභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා පවසයි.

නීතිපති උපදෙස් මත අදාළ අයදුම්පත අද (27) ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව ද ආගමන පාලකවරයා පැවසී ය.

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළේය.

Rate this item
(0 votes)