May 10, 2024

'මේ වෛරක්කාරි දේශපාලනය ඉවර කරන්න ඕන' - මහින්ද රාජපක්ෂ 

February 27, 2015

වෛරක්කාරි දේශපාලනය අවසන් කළ යුතු බවත්, තමන් එවැනි දේශපාලනයක් සිදු නොකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ සුව දුක් විමසීම සඳහා පැමිණීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

"දේශපාලඥයන් විතරක් නෙමෙයි ඔවුන්ගේ නෝනලා හා දරුවනුත් ‍මේ රජයෙන් පරිස්සම් කරගන්න සිදුවෙලා තියෙනවා. මේක හොඳ නෑ. මේ වෛරක්කාරි දේශපාලනය ඉවර කරන්න ඕන. මම කළේ නෑ කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බෑ." යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 

Rate this item
(0 votes)