May 10, 2024

ෆොන්සේකාගේ පෙත්සම විභාගයට අවසර

February 27, 2015

අහිමි කරන ලද තම මන්ත්‍රී ධුරය යළි ලබාදෙන ලෙස ඉල්ලමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබේ.

පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු සියලුම වරප්‍රසාද හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තමාට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට මාර්තු 09 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

යුධ අධිකරණය මගින් තමන්ව වරදකරු කිරීමෙන් පසුව තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වු අතර ඉන් පසු එම මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත් කළ බව පෙත්සම ඉදිරිපත් කරමින් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වන විට තමා සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බව ඔහු සිය පෙත්සමෙන් පෙන්වාදෙයි.

මේ හේතුවෙන් යළි මන්ත්‍රී ධුරය දැරීමට තමන්ට නීතිමය හිමිකමක් පවතින බැවින් එම මන්ත්‍රී ධුරය සඳහා තමා නම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස  සරත් ෆොන්සේකා මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 

Rate this item
(0 votes)