May 11, 2024

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට

February 27, 2015

යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන මහතා සහ කොස්ගොඩ පොලීසියේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා මහතා රහස් පොලිසිය විසින් අද (27) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා ඝාතනය කළැයි කියන සිද්ධිය වසන් කිරීමට ආධාර අනුබල දුන්නැයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

2012 වසරේදී සිදුවූ මෙම ඝාතනයට ඔහුගේම පුත‍්‍රයා සැබෑ ඝාතකයා ලෙස හදුනාගැණින. එම ඝාතනය සිදුකර එය වෙනත් තරුණයකු එය සිදුකල බවට බොරු සාක්ෂි නිර්මාණය කර තිබු අතර අදාල තරුණයාගේ නිවස ආසන්න ප‍්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය වල දමා තිබියදි පොලිසිය විසින් සොයා ගන්නා ලදි.

කෙසේ වෙතත් එම පුපුරණ ද්‍රව්‍ය ඝාතක පුත‍්‍රයා විසින් ගෙන්වාගෙන ඇත්තේ එවකට විශේෂ කාර්ය බලකායේ සේවය කල ඔහුගේ මිත‍්‍ර පොලිස් අධිකාරිවරයෙකු මගිනි.

මෙම සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදුකල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැබෑ ඝාතකයා වෙත පුපුරණ ද්‍රව්‍ය සැපයිමේ වරද සම්බන්ධයෙන් එවකට විශේෂ කාර්ය බලකායේ සේවයේ යෙදි සිටි දැනට යාපනය ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා කොස්ගොඩ පොලීසියේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. 

 

Rate this item
(0 votes)