May 10, 2024

මහින්ද නැත්නම් දේශපාලනයෙන් සමුගැනීමට රත්නපුර මන්ත්‍රීවරු පිරිසක් සූදානම්

February 27, 2015

රත්නපුර ප්‍රාදේශීය සභාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි ක්‍රියාකාරී දේශපාලනයට ගෙන ආ යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි වාර්තා වේ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ යෝජනාව අද(27) දිනයේ සභාව රැස්වු අවස්ථාවේ සම්මත කරගත් බව රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයට නොපැමිණියහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට ද එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ සෙසු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් දිසානායක මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 February 2015 15:21