May 10, 2024

මුහුදු සීමා කඩකල ඉන්දීය ධීවරයින් 86 ක් අත්අඩංගුවට 

February 27, 2015

මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 86 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් ප්‍රදේශයට නැගෙනහිරින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී එම ධීවරයින් පිරිස ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් බව වැඩබලන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික සිල්වා මහතා පැවසීය.

ඔවුන් සමග යාත්‍රා 10ක්ද ‍නාවික හමුදා බාරයට ගෙන ඇති අතර ඉදිරි ක්‍රියාමාර්ගය සඳහා ත්‍රිකුණාමලය හා කන්කසන්තු‍රේ පොලිස් ස්ථානවලට එම යාත්‍රා හා ඉන්දීය ධීවරයින් බාරදීමට කටයුතු යොදා ඇති බවද කමාන්ඩර් ඉන්දික සිල්වා මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)