May 11, 2024

උතුරේ පළාත් පාලන ඡන්දෙට අධිකරණයෙන් වාරණ නියෝගයක් 

February 27, 2015

හෙට (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබු පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන මාර්තු 27 වැනිදා දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් ගොනුකරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී ඇත.

අදාළ පෙත්සම ඉදිරිපත් කරමින් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ මෙම ඡන්ද විමසීම සඳහා 2011 වසරේ ඡන්ද හිමි නාමලේඛනය භාවිතා කිරීම අසාධාරණ බවයි.

අදාළ නාම ලේඛනයේ නම් සඳහන් ඇතැම් පුද්ගලයින් මියගොස් ඇති බවත් පෙත්සම්කරුවන් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයින්ට ඊට ඇතුළත්ව නොමැති බවත් ඔවුන් පවසා ඇත.

මෙම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල ඡන්ද විමසීම ලබන මාර්තු මස 27 වැනිදා දක්වා අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කළේය.

 

Rate this item
(0 votes)