May 12, 2024

ස්ථිරසාර දේශපාලන විසඳුමක් ගැන ඇමති හකීම් කියයි

February 28, 2015

යුද්ධය නිමා වී සාමය උදා වුනත් නියම සාමය උදාවන්නේ සියලු ජන කොටස් ඒකරාශී කොට ලබා දෙන ස්ථිරසාර දේශපාලන විසඳුමකින් බව නාගරික සංවර්ධන, ජල පවාහන සහ වාරිමාර්ග අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ඒ මහතා මේ බව අවධාරණය කළේ දකුණු අප‍්‍රිකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා හා සහයෝගීතා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නොමැන්ඩියා මෙෆ්කිටෝ මහත්මිය (Nomaindia Mfeketo) ඇතුළු විශේෂ ඳූත පිරිස හමුවෙමින්, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පසුගිය 25 වැනි දා පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය. 

මෙහිදී ද්විපාර්ශ්වික වශයෙන් දෙරටටම වැදගත් කරුණු රැසක් සාකච්ඡා කර ඇත. පසුගිය සමයේ මෙරට ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය, වෙනුවෙන් දැවැන්ත තීන්දුවක් ගත් බවත් එතුළින් ජාතීන් අතර විශ්වාසය ගොඩ නැංවීමේ අවශ්‍යතාවයක් ඇති බවත් අමාත්‍ය හකීම් මහතා එම දූත පිරිසට පෙන්වා දී ඇත.

තවද පසුගිය කාල පරිච්ඡේදයේ මෙරට සාමය හා සංහිඳියාව වෙනුවෙන් දකුණු අප‍්‍රිකාවේ රජය විශේෂ සහයෝගයක් ලබා දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

දකුණු අප‍්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා ගේ රාජ්‍ය තාන්ති‍්‍රක කි‍්‍රයාවලිය තුළින් මෙරට සාමය හා සංහිඳියාව පිළිබඳ විශේෂ අත්දැකීම් හුවමාරු කර ගැනීමට හැකි වූ අතර ඔහුගේ කැපවීමට අමාත්‍ය හකීම් මහතා දකුණු අප‍්‍රිකානු රජයට ස්තූතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ද පැවසීය. 

 

Rate this item
(0 votes)