May 12, 2024

සමිතාට කෝටි 18 ක වන්දියක්

දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ ආවරණයක් කඩා වැටී අප‍්‍රාණික වූ වෛද්‍ය සමිතා සමන්මලීට රුපියල් මිලියන 180 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (27) නියෝග කර තිබේ.
 
වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටියදී 2008 වසරේ ඇයට මෙම අනතුර සිදුවිය.
 
ලෝහමය කූඩාරම කඩා වැටීමෙන් ඇගේ හිසට මෙන්ම, කොඳුඇට පෙළට ද බරපතල හානි සිදුව තිබුණි.
 
ශරීරයේ පහළ කොටස අප‍්‍රාණික වුව ද හිසට සිදුවූ හානියෙන් සුවය ලැබූ ඇය පසුව වෛද්‍ය උපාධිය නිමකොට වෛද්‍යවරියක ලෙස සේවයට එක්විය.
 
 
Rate this item
(0 votes)
Last modified on Friday, 27 February 2015 12:36