May 12, 2024

දේශපාලනයට කාන්තා නියෝජනය වැඩිකිරීම ගැන අගමැති සමඟ මැ.කො සාකච්ඡාවක

February 28, 2015

දේශපාලන තීරණ ගැනීම සඳහා කාන්තා සහභාගිත්වය වැඩිකිරීම පිණිස පළාත් පාලන හා පළාත් සභාවල මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතාත්මකව ඉහළ දැමීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනත්වය වැඩිකිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මැතිවරණ ක්‍රමය යටතේ කාන්තා නියෝජනය වැඩිකිරීමට හැකි විකල්ප යෝජනා අවම වශයෙන් තුනක්වත් ඉදිරිපත් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මැතිවරණ කොමසාරිවරයා ද මෙහිදී අදහස් දැක්වූ අතර මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 03 වන දින නැවත සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය විය.

ආසියානු කලාපයේ වෙනත් රටවල මැතිවරණ ක්‍රමය තුළ කාන්තා නියෝජනය ඉහළ මට්ටමක පවතින බැවින් ඊට සාපේක්ෂව අප රටේ ද කාන්තා නියෝජනයේ සැබෑ වර්ධනයක් සිදු කිරීම නව රජයේ අභිලාශය වන බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී අවම වශයෙන් එක් සභාවකට යටත් පිරිසෙයින් ආසන 03ක් කාන්තාවන්ට තරග කිරීම සඳහා වෙන් කිරීම, එක් සභාවකට යටත් පිරිසෙයින් සමානුපාතික ක්‍රමය යටතේ යටතේ වන 30% තුළ 40% ක් නාමයෝජනා කාන්තාවන්ට ලබාදීම ආදී වශයෙන් වූ යෝජනා රැසක් විස්තරාත්මකව මෙහිදී සාකච්ඡා විය.

මාර්තු 10 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ රැස්වීමේ දී මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට ගැනීමටත්, මාර්තු මස අවසානයේදී පැවැත්වෙන පක්ෂ රැස්වීමට සියලු යෝජනා ඉදිරිපත් කොට එම පක්ෂවල යෝජනා හා අනුමැතිය ලබා ගැනීමටත් මෙහිදී වැඩිදුරටත් තීරණය වී තිබේ.

 

Rate this item
(0 votes)