May 11, 2024

ගල්අඟුරු ප්‍රශ්නය රහස් පොලීසියට භාරදෙයි

February 27, 2015
2013 වසර නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරකළ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
 
අමාත්‍යාංශය තුළින් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණ නිමවීමෙන් පසු වැඩි දුර පරීක්ෂණ සඳහා මෙළෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
 
මෙහිදී ගල්අඟරු ආනයනය තුළ අදාළ සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාකරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
 
මෙකී අක්‍රමිකතාව හේතුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 460 ක් අහිමි වී ගිය බව මීට ඉහත අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.
 
Rate this item
(0 votes)
Last modified on Friday, 27 February 2015 11:55