May 12, 2024

සුදු වෑන් සිද්ධිවලට සාක්ෂි දෙන්න සූදානම් - ප්‍රිශාන්ත ජයකොඩි  

February 27, 2015

සුදු වෑන් සංස්කෘතියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නේ නම් ඊට සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

විදෙස් ගතව සිටි ඔහු දිවයිනට පැමීණිමෙන් පසු ඊයේ (26) වි‍ශේෂ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

තමන්ට රට හැර යාමට සිදුවූ හේතුව පිළිබඳව ද අදහස් දැක්වමින් ඔහු සඳහන් කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ලෙස වසර ගණනක් සේවය කළ මා හදිසි‍යේ ස්ථාන මාරු කළ බවත්, මාධ්‍ය ප්‍රකාශක ලෙස ස්ථාන මාරු කිරීමට හේතුව පැවති රජයට අවශ්‍ය පරිදි සත්‍ය වසන් නොකොට මාධ්‍යයට තොරතුරුදීම යැයි විශ්වාස කරන බවත්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ලෙස තමන් දේශපාලඥයින්ට අවශ්‍ය පරිදි පොලීසිය කටයුතු නොකරන බවට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ද තමන්ට මෙවැනි බලපෑම් එල්ල  වීමට ප්‍රධාන ලෙස බලපෑ බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසී ය.

පසුගිය රජය සමයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ඇතැම් හෙංචයින්ගෙන් තමන්ට තර්ජන එල්ල වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)