May 10, 2024

වරායේ හිටපු සභාපතිගෙන් රහස් පොලීසිය පැය 6 ක් ප‍්‍රශ්න කරයි

February 27, 2015

වරාය අධිකාරියේ හිටපු සභාපති පි‍්‍රයත් බන්දු වික‍්‍රම මහතාගෙන් රහස් පොලිසිය ඊයේ (26) පැය 6 ක කාලයක් ප‍්‍රශ්න කර තිබේ.

අයථා ලෙස මුදල් ඉපයීම හා දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත එම චෝදනා පිළිබද ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම සිදුවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

පි‍්‍රයත් බන්දු වික‍්‍රම පසුගිය රජය සමයේ ප‍්‍රමුඛ පෙලේ ආයතන ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කළ අතර, හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු ලෙස ද කටයුතු කළ බව ආරංචි මාර්ග පවසයි.

මේ අතර, මුල්‍ය වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 25 වැනි දා පැය 2 කට අධික කාලයක් ප‍්‍රශ්න කළ බව පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසී ය.

Rate this item
(0 votes)