May 11, 2024

මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන ලෙස බලපෑම් කළා - හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක (VIDEO)

පුදුමාකාර ලෙස තමන්ට බලපෑම් එල්ල වූ බවත් ඔවුන්ට අවශ්‍ය ආකාරයට මාධ්‍ය ප්‍රකාශක නිකුත් කිරීමට නියෝග කළ බවත් ඒවා නොකිරීම හේතුවෙන් තමාට ස්ථාන මාරුවීම් ලබාදුන් බවත් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ රත්නපුර ජ්‍යෙෂ්ඨ පොළිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

විදෙස්ගතව සිටි ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද(26) පස්වරු 2ට පමණ යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදී මෙම අදහස් පළ කළේය.

තමන්ට ලංකාව අත හැර ඕස්ට්‍රේලියාවට යාමට සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පිරිසක් විසින් කරනු ලැබූ තර්ජන හේතුකොටගෙන බව ඔහු ප්‍රකාශ කළේය.

වසරකුත් මාස 7කට පසු ඔහු මෙරටට පැමිණ තිබේ.

Rate this item
(0 votes)