May 10, 2024

මහින්දට ජනසෙත පෙරමුණේ පක්ෂ නායකත්වය ගන්නැයි ඉල්ලීමක් (VIDEO) 

ජනසෙත පෙරමුණේ පක්ෂ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීමට තමන් කැමති බව එම පක්ෂයේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි.

හිටපු ජනාධිපතිවරයාට ඔහු වටේ සිටින පිරිස අළුතින් පක්ෂයක් පිහිටුවීමට උපදෙස් ලබා දෙන බවත් හිටපු ජනපතිට අළුතින් කිසිදු පක්ෂයක් පිහිටුවීමට නොයන ලෙසත් තමන් සද්භාවයෙන් සිය පක්ෂ නායකත්වය ලබා දෙන බවත් ඒ හිමියෝ පැවසූහ.

ජනසෙත පෙරමුණේ ට්‍රැක්ටරය ලකුණින් තරඟ කර අගමැති ධූරය හෝ ඊලඟ ජනාධිපතිවීමට හෝ බලයක් ලබා දෙන බවද බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Friday, 27 February 2015 10:11